පොලීසියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි.. සරසවි සිසුන් හා වෘත්තීය සමිති හෙට කොළඹ වටලයි.!

විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය, වෘත්තීය සමිති ක්‍රියාකාරීන් එක්ව සිදුකිරීමට නියමිත විරෝධතා ව්‍යාපාරය තහනම් කර ආඥාවක් නිකුත් කරන ලෙස කුරුදුවත්ත පොලීසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (03) දින ප්‍රතික්ෂේප කළේය.

හෙට දින 75 වන නිදහස් සමරුව වෙනුවෙන් ජනාධිපති අගමැති ප්‍රමුඛ ප්‍රභූ පිරිස් ඇතුළු මහජනතාව සහභාගීවන රාජ්‍ය උත්සවය ගාලුමුවදොර පිටියේදී පැවැත්වීමට නියමිතව ඇත.

ඒ හේතුවෙන් මෙම විරෝධතාකරුවන් පැවැත්වීමට නියමිත සියලුම උද්ඝෝෂණය තහනම් කරමින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (01) වගන්ති ප්‍රකාරව තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස කුරුදුවත්ත පොලීසිය අධීකරණයෙන් ඉල්ලීමක් කළේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තියෙන් රටේ මහජනතාවට රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ මෙන්ම කැමැති තැනක වාසය කිරීමේ නිදහස ලබාදී ඇති බවත් සෑම රැස්වීමක්ම උද්ඝෝෂණයක් නොවන බව මහේස්ත්‍රාත්වරයා සදහන් කළේය.

අනතුරුව මහේස්ත්‍රාත්වරයා සදහන් කළේ, විරෝධතාකරුවන් සාමය කඩවන අයුරින් හැසිරුණ හොත් දණ්ඩ නිති සංග්‍රහයේ මෙන්ම පොලිස් ආඥා පනතේ බලතල ප්‍රකාරව කටයුතු කරන ලෙස පොලීසියට නියෝග කළේය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close