හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ලේකම්වරයා ලෙස කලක් කටයුතු කළ උදිත ලොකුබණ්ඩාර ශ්රී ලංකා නිදහස් පක්ෂයට එක් වී ඇත.
හිටපු අගමැති මහින්ද රාජපක්ෂගේ හදවත ඇත්තේ ශ්රී ලංකා නිදහස් පක්ෂය තුළ බවත් තමන් එම මතය නියෝජනය කරන බවද උදිත ලොකුබණ්ඩාර සදහන් කරයි.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් නිදහස් පක්ෂයට බදුල්ල දිස්ත්රික්කයේ සියලු පළාත් පාලන ආයතන සඳහා ඇප මුදල් තැන්පත් කිරීමට අද දිනයේ උදිත ලොකුබණ්ඩාර එක් විය.