විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපති මහාචාර්ය චන්දන උඩවත්ත මහතා සඳහන් කළේ, විශ්වවිද්‍යාල අනධ්‍යන වෘත්තීය සමිති ආරම්භ කර ඇති අඛණ්ඩ වැඩවර්ජනය හේතුවෙන් විශ්වවිද්‍යාලවල උපාධි අපේක්ෂකයින්ගේ විභාග සියල්ල කල් දැමීමට සිදුව ඇති බවයි.
එම කල් යෑම හේතුවෙන් 150,000 කට අධික මෙරට උපාධි අපේක්ෂකයින්ගේ උපාධිය සැලසුම් කළ දිනයන්ට අවසන් කිරීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇති බව උප සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම ඔහු ප්‍රකාශ කළේ මෙවර උසස් පෙළ සමත්වන පිරිසට උපාධි පාඨමාලා සඳහා අයැදුම් කිරීමේ විශ්වවිද්‍යාල ප්‍රවේශ අත්පොත නිකුත් කිරීමද වර්ජනය හේතුවෙන් ඇණ හිට ඇති බවයි.
කෙසේවෙතත් අනධ්‍යන සේවක ගැටලු සඳහා විසඳුම් ලබාදීමට අවශ්‍ය යෝජනා අධ්‍යාපන අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට මේ වනවිට ඉදිරිපත් කර ඇති බවද මහාචාර්ය චන්දන උඩවත්ත මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළේය.