රුසියානු අගනුවරට ඩ්‍රෝන ප්‍රහාරයක්. ප්‍රතිප්‍රහාර සදහා සීරුවෙන්.!

රුසියාව විසින් යුක්‍රේනයේ කියෙව් අගනුවරට දිගින් දිගටම එල්ල කෙරෙන ඩ්‍රෝන ප්‍රහාරයන්ට ප්‍රතිචාර ලෙස මොස්කව් අගනුවරට අද (30) ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ලකර ඇති බව වාර්තා වේ.

රුසියාවේ ගුවන් ආරක්ෂක උපාංග මගින් මෙම ප්‍රහාරය සහ තවත් ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් වැළැක්වූ බව සඳහන්ය. ප්‍රහාරය මගින් නගරයේ ගොඩනැගිලි කිහිපයකට සුලු හානි සිදුවී ඇත.

ජීවිත හානි කිසිවක් සිදු වී නොමැති අතර පුද්ගලයන් දෙදෙනෙකු සුලු තුවාල ලැබු බව වාර්තාවේ.

රුසියානු පෞද්ගලික හමුදාවක් වන වැග්නර් සමූහයේ හිමිකරැ වන එව්ගින් මෙම ප්‍රහාරය පිලිබදව තම අප්‍රසාදය පලකොට ඇත. එව්ගින් පවසන්නේ තම “නිවසේ දොරටුවට පහරදී” යුක්‍රේනයට පසුතැවිලි වීමට සිදුවන බවයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close