එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අනතුරු ඇගවීමක්.!

ගෝලීය නාගරික ජනගහනයෙන් අඩකට 2050 වන විට පානීය ජල අර්බුදයට මුහුණදීමට සිදුවනු ඇති බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු ඇගවීමක් කරයි.

රටවල පරිසර දූෂණය, ජලය අපතේ හැරීම හා කාලගුණ විපර්යාස ජල අර්බුදය උග්‍ර වීමට ප්‍රධාන හේතු වී ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය සදහන් කරයි.

පසුගිය 2016 වසරේ මිලියන 933ක් වු ජල හිඟයෙන් පීඩාවට පත් ගෝලීය නාගරික ජනගහනය 2050 වසර වනවිට බිලියන 1.7ත් 2. 4ත් දක්වා ඉහළ යාමේ අවදානමක් පවතින බව එක්සත් ජාතීන්ගේ ලෝක ජල සංවර්ධන වාර්තාව අනාවරණය කරයි.

මෙම පානීය ජල හිඟයේ වැඩිම බලපෑමක් ඉන්දියාවට එල්ලවනු ඇති අතර ජල හිඟයට මුහුණ දෙන ගෝලීය නාගරික ජනගහනයෙන් සියයට 80%ක් ආසියානු රටවල ජනතාව බවද එම වාර්තාව අනාවරණය කරයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close