නවක වදයට එරෙහිව දැඩි තීරණයක් ගනී.. අලුත්ම දිවුරුමක් එළියට.!

විශ්වවිද්‍යාල වලට ඇතුළත් වන සියලුම සිසුන්ගෙන් නවක වදයට සම්බන්ධ නොවන බවට වගකීමෙන් බැඳෙන ලිඛිත දිවුරුමක් ලබා ගැනීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කරයි.

සියලුම සිසුන්ගෙන් මෙම ලිඛිත දිවුරුම ලබා ගැනීම සදහා විශ්වවිද්‍යාල සියලුම උපකුලපතිවරුන්ට මේ වන විටත් මේ බව දැනුම් දුන් බවද විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සදහන් කරයි.

රටේ නීතිපති දෙපාර්තමේන්තුව මෙන්ම මානව හිමිකම් කොමිෂන් සභාව ඇතුළුව සම්බන්ධ කර මෙම දිවුරුම සකස් කර ඇති බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සදහන් කරයි.

මෙම දිවුරුම ජාතික මට්ටමෙන් ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ලබා ගත් අතර විශ්වවිද්‍යාල මට්ටමින් එය ලබාගැනීමට තීරණය කළේ නවක වධය සහමුලින්ම ඉවත් කිරීමට බවද සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග සදහන් කරයි.

මෙහිදී වෙනත් කෙනකුට හිංසනයක් නොකරන බවට කෙරෙන මෙම දිවුරුමට එක් වන විශ්වවිද්‍යාල සිසුන් සිය හෘදය සාක්ෂිය අනුව කටයුතු කළ යුතුය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close