මොරටුව විශ්ව විද්‍යාලයේ වාස්තු විද්‍යා පීඨයේ අවසන් වසරේ අධ්‍යාපනය ලැබූ සිසුවෙක් තාවකාලිකව නවාතැන් ගෙන සිටි කාමරේදී හදිසියේ මියගොස් ඇති බව වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ, මොරටුව මෝල්පේ ජයමාවත ප්‍රදේශයේ තාවකාලිකව රැඳී සිටි හාලි ඇල ප්‍රදේශයේ සතාසිවම් විනෝද් නැමැති දමිළ තරුණයෙක් වන අතර එම සිසුවා තවත් සිසුන් හය දෙනෙකු සමඟ එම තාවකාලික නවාතැන්පොළේ රැඳී සිට ඇති බව පොලීසිය පවසයි.
මධ්‍යම රාත්‍රීයේ ඔහු තම මිතුරන් සමඟ අසල ආපනශාලාවකට ගොස් තේ පානය කර විනාඩි පහළොවකින් පමණ නැවත පැමිණ ඇති අතර රෝගී වීමක් හේතුවෙන් ඔහු පිළියන්දල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඔහු මියගොස් ඇති බව පිළියන්දල පොලිසිය සඳහන් කළේය.
දේහය මරණ පරීක්ෂාව වෙනුවෙන් පිළියන්දල රෝහලේ තැම්පත් කර ඇති අතර මේ සම්බන්ධව වැඩිදුර විමර්ශන පිළියන්දල පොලීසිය විසින් සිදුකරන බව පොලීස් ආරංචි මාර්ග පැවසීය.