විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කෝටි 24ක පොලු තබා රටින් පිටවෙයි.!

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 122 ක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට රුපියල් කෝටි 24ක පමණ මුදලක් ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවේ සදහන් වේ.

එම විශ්ව විද්‍යාල ආචාර්යවරුන් අධ්‍යයන කටයුතු සඳහා විදේශ ගතවීමේදී එළැඹි ගිවිසුම් කඩකිරීම හේතුවෙන් ඔවුන්ගෙන් මෙම මුදල අයවිය යුතු බවද ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.

ඒ අනුව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව එම විශ්ව විද්‍යාල බලධාරීන්ට පසුගියදා නිර්දේශ කළේ, අධ්‍යන කටයුතු සඳහා විදේශ ගතවීමේදී එළැඹි ගිවිසුම් කඩ කිරීමේ තත්ත්වය ඉදිරියේදී වැළැක්වෙන ලෙස කටයුතු කළ යුතු බවයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close