අවසන් මොහොතේ එජාපය දෙකට කැඩෙයි.. ප්‍රබලයින් රැසක් සජිත් ලගට.!

එක්සත් ජාතික පක්ෂයේ රුවන් විජේවර්ධන, නවීන් දිසානායක ඇතුළු කණ්ඩායමක් විපක්ෂ සමගි ජන බලවේග පක්ෂය හා එක්වීමට මේ වනවිට සාකච්ඡා පවත්වමින් සිටින බව වාර්තා වේ.

පක්ෂයේ ගම්පහ ආසන සංවිධායක වරුණ රාජපක්ෂ හා යටිනුවර ආසන සංවිධායක මහේෂ් සේනානායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග එක්වීමෙන් එක්සත් ජාතික පක්ෂය තුළ අස්ථාවර තත්ත්වයක් හටගෙන ඇති බව වාර්තා වේ.

මේ වනවිට එක්සත් ජාතික පක්ෂය තුළ හටගෙන ඇති අස්ථාවර තත්ත්වය හේතුවෙන් එම පක්ෂයේ ප්‍රබලයින් ගණනාවක් සිය පක්ෂය හැරගොස් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සමග එක්වීමට සැලසුම් කරමින් ඇති බවද වාර්තා වේ.

අගමැති අපේක්ෂක ධූරය සහ නව සන්ධානයේ නායකත්වය තමාට අවශ්‍ය බවත් රනිල් වික්‍රමසිංහ එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් විය යුතු බවට සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කිරීම නිසා පක්ෂ දෙක එකතුවීම කිසිසේත්ම නොවන සිද්ධියක් බවට මේ වනවිට තහවුරු වී ඇත.

Loading

2 thoughts on “අවසන් මොහොතේ එජාපය දෙකට කැඩෙයි.. ප්‍රබලයින් රැසක් සජිත් ලගට.!

  • Chinthaka Dissanayake -

    එය එසේ සිදුවිය යුතුයි. සජිත් කියන්නෙ දක්ශ බුද්ධිමත් ක්‍රියාශීලී නිර්මාණශීලී කීබෝඩ් වාද්‍ය ගිටාර් වාද්‍ය ඩ්‍රම්ස් වාද්‍ය විචක්ශනශීලී චායාරූපශිල්පී ජපන් සිංහල ඉංග්‍රීසි හොඳින් කථාකරන ක්‍රිකට ෆුට්බෝල් ප්ලේ කරන ඕල් රවුන්ඩර් කෙනෙක්. අර වගේ නායකයෙක් යටතේ ඉන්න එක ගැලපෙන්නෙ නෑ.

  • Damith wijesekara -

    දකුණේ නව ලිබරල් දේශපාලනය අවසන් කරලීමයි ඔවුන් මේ කරන්නේ දේශපාලනය ගැන මෙලොව හසරක් නොදැන තමන්ටත් පාර්ලිමේන්තු යා හැකියි සිතමින් නමුත් ප්‍රතිලය ඔවුන් ට පමනක් නොව සමස්ථ රටේම ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල් දේශපාලනය ද අවසන් කරලීමයි මෙමගින් සිදුවණුයේ සජිත් වගේ ලෝක දේශපාලනය ගැන මෙලොව හසරක් නොදන්නා ළදරැවකුට එකතු වනවා කියන්නේ මෙම පිරිසට මෙන්ම දකුණු දේශපාලනය ද අවසන් වීමකි.මෙම අවස්ථාව ලිබරල්වාදී ඇසූ පිරැණු ලෝක ලිබරල් නායකයින් සමග ගනුදෙනු කල හැකි රනිල් වැනි නායකකු සමගයි ඉදිරියට යා වුතුව ඇත්තේ

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement