එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට හිමිවන මුදල්.!

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර පැවසූවේ 1994 වසරෙන් පසු දේශපාලන පළිගැනීම් වලට ලක්ව රුපියල් ලක්ෂ දහයට වඩා අලාභ සිදුවී ඇති බවට තහවුරු වූ 66ක් සඳහා මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.

වත්මන් ජනාධිපති පක්ෂ නායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ධුරයට පත්වූ වහාම දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කමිටුව පත් කෙරුණු අතර එම කමිටුවට පැමිණිලි එකසිය 164 ක් ලැබී ඇති බව සඳහන්.

සමස්ථ පැමිණිලි වලින් පැමිණිලි 66ක් සඳහා මේ වනවිට වන්දි අනුමත වී ඇති අතර ඉතිරි පිරිස ඉදිරිපත් කළ අභියාචනා සලකා බලා සුදුසු වන්දි මුදල් නිර්දේශ කිරීමට දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා බැලීමේ කමිටු කාලසීමාව තවත් මාස දෙකකින් දීර්ඝ කිරීමටත් ජනාධිපතිවරයා උපදෙස් දී ඇත.

කමිටුවට ඉදිරිපත් කෙරෙන අභියාචනා සම්බන්ධයෙන් එජාප ආසන සංවිධායකවරුන් හරහා වැඩිදුර විමර්ශන කර ඉදිරි කාල සීමාව තුලදී සුදුසු පරිදි වන්දි මුදල් ලබාදීමට කටයුතු කරන බව එජාප මහ ලේකම්වරයා පැවසීය.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement