මහජන උපයෝගීතා කොමිසමේ අලුත් සභාපති කවුද.?

මහජන උපයෝගීතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක ඉවත් කිරීමට අදාළ යෝජනාව වැඩි ඡන්දයෙන් ඊයේ (24) දින පාර්ලිමේන්තුවේදී සම්මත විය.

ඒ අනුව පුරප්පාඩු වී ඇති මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ධුරය සඳහා නව සභාපතිවරයෙකු තෝරා ගැනීම ව්‍යවස්ථා සභාව මඟින් සිදුකිරීමට නියමිතය.

පුරප්පාඩු වී ඇති සභාපති තනතුර සදහා අදාළ පත්කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථා සභාව යළි රැස් වන අවස්ථාවේ එය සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන සදහන් කරයි.

එළඹෙන ජුනි මස 05 වනදා ව්‍යවස්ථා සභාව රැස්වීමට නියමිත අතර එදින උපයෝගීතා කොමිසමට සභාපතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවද කථානායකවරයා සදහන් කරයි.

ස්වාධීන කොමිෂන් සභා බොහෝමයකට මේ වනවිට නව සාමාජිකයින් පත් කර ඇති අතර මැතිවරණ සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසන් සභාව සඳහා සාමාජිකයින් පත් කිරීම තාවකාලිකව නතර කර ඇත.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close