ගැහැණු දරුවන්ට ලබාදෙන එන්නත්වල හිඟයක්.!

මාස 08ක පමණ කාලයක සිට “හියුමන් පැපිලෝමා” එන්නත් හිඟයක් මතුව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කරයි.

ගැබ්ගෙල පිළිකා අවදානම දුරලීමට ගැහැණු දරුවන්ට ලබාදෙන මෙම එන්නත්වල හිඟය හේතුවෙන් පසුගිය වසරේ සිට එම එන්නත ලබාදීමේ ක්‍රියාවලිය ඇණ හිට ඇති බවද සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව සඳහන් කරයි.

මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල සඳහන් කළේ, මාස කිහිපයක සිට අදාළ එන්නත් හිඟයක් ගෝලීයව පවතින බවත් එළඹෙන අප්‍රේල් මාසයේ මුල වන විට ඇණවුම් කළ එන්නත් මෙරටට ලැබීමට නියමිත බවයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close