ප්‍රමිතියෙන් තොර එන්නත් සිද්ධියට තවත් ලොක්කෙක් හසුවෙයි.!

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරියට දැනුම් දුන්නේ, ප්‍රමිතියෙන් තොර එන්නත් රජයේ රෝහල්වලට සැපයීම සඳහා ටෙන්ඩර් කැඳවීමට පෙර ඇඩ්ලිටෙක් හිමිකරු වන ලිනන් සත්‍යරාජ් ජොශූවා නැමැත්තා හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ කාර්යාලයේ පැවැත්වු සාකච්ඡාවලට සහභාගි වී ඇති බවයි.

ඔහුට ඖෂධ වර්ග 35ක් සැපයීමට අවසරදී තිබුණත් එකඳු ඖෂධයක් හෝ සපයා නැතැයිද තමා මෙම නඩුවට මුල් වරට පෙනී සිටි දිනට පසු දිනම නීතීපති දෙපාර්තමෙන්තුවේ ඇති තමාගේ දුරකථනයට ඔහු ඇමතුමක් ගත්තේ යැයි ද, සැකකරු සත්‍යරාජ් ජොශූවා නමැත්තා සමඟ වට්ස්ඇප් ඔස්සේ හුවමාරු කරගත් පණිවුඩ සහිත ගොනුවක්ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම අධිකරණයට ඉදිරිපත් කළාය.

සැකකරු වන සත්‍යරාජ් ජොශූවා නමැත්තා ලගදීම උසාවියට කැඳවනවා යැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මිණී ගිරිහාගම මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නාය.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement