කැනඩාවේ ටොරොන්ටෝ සත්වෝද්‍යානය වැලන්ටයින් දිනයට ගෞරව කිරීම සඳහා කැරපොත්තන්ට තම සිත රිදවා වද දෙන අයගේ නම් තැබීමට ජනතාවට ඉඩ ලබාදී ඇත.
මෙම කැරපොත්තෙකු නම් කිරීම සඳහා ටොරොන්ටෝ සත්වෝද්‍යානයට ජනතාව විසින් ඩොලර් 25 ක් පරිත්‍යාග කළ යුතු බවද සත්වෝද්‍යානය සදහන් කරයි.
ප්‍රකාශයකට අනුව කැරපොත්තෙකු නම් කරන පුද්ගලයින්ට ඔවුන්ගේ නම සහ කැරපොත්තාගේ නම සමඟ ඩිජිටල් සහතිකයක් ලබාදෙන බවද සදහන් කරයි.
ටොරොන්ටෝ සත්වෝද්‍යානය සදහන් කළේ, “කැරපොත්තා කියන්නේ කරදරකාරයෙක්. ජීවිතයට කරදරකාරයෙක්. හැර ගිය පෙම එහෙම කෙනෙකු නම්, ඒ පෙම සිහි කරමින් කැරපොත්තකු නම් කරන්න අප අවස්ථාව දෙනවා.”
කැරපොත්තකු නම් කිරීමට කැමැති කෙනකු ඒ සදහා ඩොලර් 25ක මුදලක් ලබා දී, අයැදුම්පතක් ලබා ගැනීම සහ එය පුරවා ආපසු බාර දීම කළ යුතු බවද ටොරොන්ටෝ සත්වෝද්‍යානය සදහන් කරයි.
-අනුරාධ වාසල