අද (23) දින නව බදු ප්රතිපත්තියට එරෙහිව වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය දැවැන්ත විරෝධතාවයක් කොළඹ වරාය ප්රධාන පිවිසුම අසල දී පැවැත්විය.
විරෝධතාවය හේතුවෙන් ප්රදේශයේ දැඩි ආරක්ෂාවක් යොදා තිබුණු අතර පොලීසිය මෙන්ම නාවික හමුදා සාමාජිකයන්ද එම ස්ථානයට පැමිණ සිටියේය.
විරෝධතාව සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටි අතර මෙම විරෝධතාව හේතුවෙන් කොළඹ පලමු හරස් වීදිය හා එන්.එච්.එම් අබ්දුල් කාදර් මාවත සම්පූර්ණයෙන්ම අවහිර වී ඇත.