වැට් බදු අයකිරීම ගැන ඇමතිගෙන් ප්‍රකාශයක්.!

රටේ ජනතාවගෙන් අයකරන බදු යොදාගන්නේ රාජ්‍ය සේවක වැටුප් ඇතුළු අත්‍යවශ්‍ය දීමනා සහ වියදම් පියවාගැනීම සඳහා පමණක් බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කරයි.

ජනතාව වැට් බද්ද අඩුකරන ලෙසට පාරේ විරෝධතා පැවැත්වීම නිෂ්ඵල ක්‍රියාවක් බවත් විරෝධය දක්වන කණ්ඩායම් සුදුසු වෙනත් විකල්ප ඉදිරිපත් කළ යුතු බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන සදහන් කරයි.

ගතවූ වර්ෂයේ භාණ්ඩාගාරයට ලැබුණේ ට්‍රිලියන තුනක් පමණක් බවත් ට්‍රිලියන 13ක් වියදම් කර තිබෙන නිසා ට්‍රිලියන 10ක් හොයාගෙන තියෙන්නේ ණයට බවද අමාත්‍යවරයා සදහන්.

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන තවදුරටත් සදහන් කළේ,

” වැට් අඩු කරලා වැටුප් නැතුව ජීවත්වෙන්න පුළුවන්ද.? විශ්‍රාම වැටුප් නැතුව ජීවත්වෙන්න පුළුවන්ද.? සමෘද්ධි,අස්වැසුම නැතුව ජීවත්වෙන්න පුළුවන්ද.? ගත්ත ණය පොලී ගෙවන්නේ නැතුව ඉන්න පුළුවන්ද.? ගතවූ වර්ෂයේ භාණ්ඩාගාරයට ලැබුණේ ට්‍රිලියන තුනයි.

ට්‍රිලියන 13ක් වියදම් කරලා තියෙනවා එතකොට ට්‍රිලියන 10ක් හොයාගෙන තියෙන්නේ ණයට රුපියල් 5000 ගාණේ අවුරුදු 100ක් ඉතිරි කළොත් ඉතුරු කරන්න පුළුවන් මිලියන හයයි බිලියනයක් ඉතුරු කරන්න අවුරුදු දහසය දාහක් ගතවනවා ට්‍රිලියන 10ක් ණයට ගත්තා කිව්වම අර්බුදය ගැන හිතාගන්න.”

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close