බෝංචි කිලෝවක් රු 40/= යි.. වසර 10කින් වාර්තා වෙන අඩුම එළවළු මිල.!

පසුගිය සති කිහිපය පුරාවට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත එළවළු තොග ලැබීම ක්‍රමිකව වැඩිවීමත් සමඟ එළවළු සදහා ඉල්ලුම පහත වැටීම මෙලෙස එළවළු මිලෙහි පෙරලියක් සිදුකිරීමට සමත්ව ඇත.

රීයේ දිනය (අප්‍රේල් 4) දහවල් වන විට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත සමස්ත එළවළු කිලෝ ලක්ෂ දහයකට අධික ප්‍රමාණයක් එක් රැස්වී තිබූ අතර සෑම එළවළුවකම මිල පහත වැටී ඇති බව වෙළෙඳ සංගමයේ සභාපති සී.එස්. සිරිවර්ධන සඳහන් කළේය.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වසර දහයකට පසුව බෝංචි කිලෝවක් රුපියල් 40 – 50 අතර මිලකට පැමිණ ඇති අතර සෑම එළවළු වර්ගයක ම මිල ශීඝ්‍රයෙන් පහත වැටී එළවළු අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක පත්වී ඇති බව වෙළෙන්දන් පවසති.

ඊට අමතරව බණ්ඩක්කා, රතු අල, වැටකොලු, කැකිරි, පිපිඤ්ඤා, වම්බටු, පතෝල ආදී එළවළු කිලෝවක තොග මිල රුපියල් 15 – 40 අතර ගනනකට පැමිණ ඇති බව ද සංගමයේ සභාපති සී.එස්. සිරිවර්ධන සඳහන් කළේය.

මේ අතර ගොවීන් මැසිවිලි නගන්නේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන ඒමෙන් තමන්ට ප්‍රවාහනය කිරීමේ මුදලවත් සොයා ගැනීමට නොහැකි තත්වයක් උදා වී ඇති බවයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement