හෙට සිට පොදු ප්‍රවාහනය සම්බන්ධයෙන් දැනුම්දීමක්.!

ගම්බිම් බලාගිය ජනතාවට යළි පැමිණීම සඳහා විශේෂ ගමන්වාර සදහා බස්රථ කිහිපයක්ම සූදානම් කර ඇති බව ලංකා පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න සදහන් කරයි.

පෞද්ගලික බස්හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න තවදුරටත් සදහන් කළේ,

“අද බස් ධාවනය වෙන්නේ 25% වගේ ප්‍රමාණයක. හෙට 50%ක වගේ බස් ප්‍රමාණයක් ධාවනය වෙයි. ඒ අනුව ගම්බිම් බලාගිය ජනතාවට ඉක්මනටම කොළඹ එන්න පුළුවන් වෙයි.”

මේ සම්බන්ධයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දුරගමන් සේවා සඳහා විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් අද (15) දින සිට ක්‍රියාත්මක කරන බවයි.

මේ සම්බන්ධයෙන් දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ. ඉදිපොළගේ සදහන් කළේ,

“අද සිට පිට පළාත්වල සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක්ම ක්‍රියාත්මක වෙනවා. හෙට උදෑසන බදුල්ල සහ ගාල්ල සිට කොළඹ කොටුව දක්වා විශේෂ දුම්රිය දෙකක් සහ අනුරාධපුර සිට බෙලිඅත්ත දක්වා විශේෂ දුම්රියකුත් ධාවනය කෙරෙනවා.”

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close