දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ පිවිසුම අසල සිදුව ඇති වාහන අනතුරු කිහිපයකින් වාහන 26 කට පමණ අලාභ හානි සිදුවී ඇති අතර අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුවී නැති අතර අධිවේගී මාර්ගයේ දේපළවලටද හානි සිදුවී නැති බවද සදහන් කරයි.
මෙම අනතුර සිදුවී ඇත්තේ කිලෝමීටර් 32 හා 35 අතර ස්ථානවලදී ගාල්ල සිට කොළඹ බලා ගමන් ගත් වාහන පේලියක බවත් අධිවේගී මාර්ගයෙන් නිසි පරතරයක් නොතබා වාහන ධාවනය කිරීම මත මෙම අනතුරැ සිදු වී ඇති බවද පොලීසිය සදහන් කරයි.
අවුරුදු නිවාඩුව අවසන් වීම නිසා ගම්බිම් බලා ගිය වාහන අද දින විශාල සංඛ්‍යාවක් අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹ දෙසට ධාවනය වෙමින් ඇති අතර ඒ හේතුවෙන් මාර්ගය ඉතා කාර්යබහුල වී ඇත.