By unusuma.lk on
(LK time)හිටපු කැබිනට් ඇමතිවරයෙකුට අයත් නුවරඑළිය නගරයේ නිවසක ගාල් කර තිබූ සැකසහිත ජීප් රථයක් නුවරඑළිය පොලීසිය ඊයේ (12) සිය භාරයට ගෙන තිබූ තිබූ අතර පොලිස් භාරයට ගන්නා අවස්ථාවේ ඊට අදාළ නීත්‍යනුකූල ලියවිලි කිසිවක් නොතිබූ බව වාර්තාවේ.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලකයෙකුගේ හිතවතෙකු විසින් පැල්මඩුල්ල පාතකඩ ප්‍රදේශයේ ගරාජයකට ගෙනවිත් දමා ජීප් රථයක් සහ මෝටර් රථයක්ද පැල්මඩුල්ල පොලීසිය ඊයේ (13) සිය භාරයට ගෙන තිබුණි.
එමෙන්ම 1997 දුරකථන අංකයට ලද තොරතුරක් මත ඕපනායක පොලීසිය විසින් ඕපනායක පල්ලෙකන්ද පාසල් පාර කැන්දේකැටිය ප්‍රදේශයේ නිවෙසක නවතා තිබූ සුඛෝපභෝගී ජීප් රථයකඳ සිය භාරයට ගනු ලැබුවේ එහි චැසි අංකයට අදාළ වාහනයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර නොමැති හෙයිනි.