මැදපෙරදිග රට යන කතුන්ගේ ආරක්ෂාවට නව රක්ෂණයක්.!

මැදපෙරදිග ගෘහ සේවක රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් නව රක්ෂණාවරණයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කරයි.

බහරේන්, ජෝර්දාන්, කුවේට්, ලෙබනන්, ඕමාන්, කටාර්, සෞදි අරාබිය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල ගෘහ සේවක රැකියා සඳහා යොමුවන කාන්තාවන් වෙනුවෙන් මෙම රක්ෂණාවරණය හදුන්වා දෙයි.

එහිදි රක්ෂණ යෝජනා අතුරින් ඔවුන්ට සුදුසු රක්ෂණාවරණයක් තෝරාගැනීමට හැකියාව ඇති අතර ශ්‍රමික කාන්තාව බඳවාගනු ලබන සේවා යෝජකයා මෙම රක්ෂණාවරණය අනිවාර්යෙන්ම ලබාගෙන තිබිය යුතු වේ.

ඒ අනුව විදේශ රැකියාව සඳහා කාන්තාවන් බදවා ගනු ලබන සේවා යෝජකයා කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා මෙම රක්ෂණ සහතිකය ඉදිරිපත් කළ යුතුය.

වසර 2ක සේවා කාලයක් සඳහා රැකියාවට යන කාන්තාවන් වෙනුවෙන් ලැබෙන මෙම නව රක්ෂණාවරණය සඳහා ඇමරිකානු ඩොලර් 110 සිට ඩොලර් 140ක් දක්වා මුදලක් සේවා යෝජකයා ගෙවිය යුතුය.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close