අද (19) දින මහජන උපයෝගීතා කොමිසමේ සමාජිකයින් විදුලිය ගාස්තු වැඩි නොකිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන තත්ත්වය සාකච්ඡා කිරීම සඳහා ජාතික සභාව හමුවට කැඳවා ඇත.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කතානායක මහින්ද යාපා අබේවර්ධන සඳහන් කළේ, මහජන උපයෝගිතා කොමිසමේ සමාජිකයින් අද පස්වරු 3.00 ට ජාතික සභාව හමුවට කැඳවා ඇති බවයි.