බලාගාරවලට ගල් අගුරු සහ ඩීසල් ඇතුළු ඉන්ධන මිලදී ගැනීම සදහා මුදල් නොමැතිවීම මත ඉදිරි මාසවල පවතින විදුලි අර්බුදය දරුණු විය හැකි බව ලංකා විදුලිබල මණ්ඩල විදුලි ඉංජිනේරුවෝ අනතුරු අගවයි.
කැලණිතිස්ස විදුලි බලාගාර පරිශ්‍රයේ පිහිටි මෙගාවොට් 165 ක ද්විත්ව චක්‍රීය බලාගාරයට අවශ්‍ය නැප්තා මිලදී ගැනීමටවත් විදුලිබල මණ්ඩලය සතුව මුදල් නොමැති බව විදුලිබල මණ්ඩල ඉංජිනේරුවෝ සදහන් කරයි.
ඒ අනුව දැනට රට තුළ දිනකට කපාහරින පැය දෙකයි විනාඩි විස්සක විදුලි කප්පාදුව පැය හතරක් පහක් දක්වා දීර්ඝ කිරීම හැර විකල්පයක් නොමැති බවද විදුලිබල මණ්ඩල ඉංජිනේරුවෝ සදහන් කරයි.
එළඹෙන පෙබරවාරි මසට අවශ්‍ය ගල්අඟුරු මිලදී ගැනීමට පමණක් රුපියල් මිලියන 70 ක් මණ්ඩලය සතුව තිබෙන බව විදුලිබල මණ්ඩලයේ සභාපති නලින්ද ඉලංගකෝන් පුවත්පත් සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කරයි.
නොරොච්චෝල ගල්අඟුරු බලාගාරයේ විදුලිය ජනනය කිරීම සඳහා ගල්අඟුරු නෞකා 12 ක් අවශ්‍ය බවත් එම නෞකා මිලදී ගැනීමට මුදල් නොමැති වුවහොත් රට අඳුරට වැටෙන බවද විදුලිබල මණ්ඩල ඉංජිනේරුවෝ සදහන් කරයි.
මෙරටට ගල්අඟුරු ගෙන්වීම සඳහා රුපියල් කෝටි 3500 (බිලියන 35) අවශ්‍ය බවත් ඒ සදහා බැංකුවලින් ණය ලබාගැනීමද ගැටලුවක් වී ඇති අතර මහා භාණ්ඩාගාරයද මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බවද ඉංජිනේරුවෝ තවදුරටත් සදහන් කරයි.