දැඩි උණුසුමත් සමග විදුලි ඉල්ලුම තවත් ඉහළට.. විදුලි කප්පාදුවක්.?

මේ දිනවල පවතින දැඩි උණුසුමත් සමග දෛනික විදුලි ඉල්ලුම ඉහළ යමින් පවතින තත්ත්වයක යළිත් විදුලි කප්පාදුවකට යෑමේ අවදානමක් මතුව ඇතැයි වාර්තා වේ.

මෙරට සාමාන්‍ය දිනවල දෛනික විදුලි ඉල්ලුම ගෙගාවොට් පැය 40 ක් මට්ටමේ පැවතියත් ඊයේ (20) වනවිට දෛනික විදුලි ඉල්ලුම ගෙගාවොට් පැය 50 දක්වා වැඩිවී ඇති බව වාර්තා වේ.

දෛනික විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා විදුලිබල මණ්ඩලය සතු සියලු බලාගාර හා පෞද්ගලික බලාගාර වලින්ද විදුලිය මිලදි ගැනීම සිදුකරන බවද වාර්තා වේ.

ඉදිරියේදී නියඟය දරුණු අතට පත්වීමෙන් ජල විදුලි නිෂ්පාදනය පහත වැටී විදුලි ඉල්ලුම මෙලෙසම පැවතියහොත් විදුලි කප්පාදුවක් කරා යෑමට සිදුවන බව ලංවිම උසස් නිලධාරීන් සඳහන් කරයි.

එහෙත් දෛනික විදුලි ඉල්ලුම තවත් ඉහළ ගොස් තිබුණත් විදුලි කප්පාදුවකට යෑමට තීරණයක් ගෙන නොමැති බව ලංවිම සභාපති නලින්ද ඉලංගකෝන් සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close