අද (30) පස්වරුවේ හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්රභූන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබදව අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ දී විශේෂ සාකච්ඡාවක් කැඳවා තිබේ.
මෙම සාකච්ඡාව සඳහා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා ඇතුළු පිරිසක්ද මේ සඳහා සහභාගී වීමට නියමිතව තිබේ.
හිටපු ජනාධිපතිවරුන් ඇතුළු ප්රභූන්ගේ ආරක්ෂාව ඉවත් කිරීමට පසුගිය දා තීරණය කෙරුණු නමුත් පසුව හිටපු ජනාධිපතිවරුන් ආරක්ෂාව පිළිබඳව ඉල්ලීම් කර ඇති අතර ඔවුන්ට ආරක්ෂකයින් අවශ්‍ය ප්‍රමාණයන් පිළිබඳව ද දැනුම් දී තිබුණි.
ඒ අනුව මේ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා අද දිනයේ දී මෙම සාකච්ඡාව කැඳවා ඇති බව වාර්තා වෙයි.
දෙන්න එහෙම එපා මුංට ආරක්ෂාව
ආරක්ෂාව මොකටද රට රකින්නෙ නැහැනෙ
උන්ගේ තවත් මොකටද ආරක්ෂාවක්
ජනතාවගේ බඩුමිල අඩුකරන්න
ජනතාවයි චන්දේ දුන්නේ.
උන්ට උන්ගෙ ආරක්ෂාව සලසගන්න කියමු හොරෑ කෑ සල්ලි වලින්ම…