ආණ්ඩුවට එක්වීමට කැමති විපක්ෂ මන්ත්‍රීවරුන්ට තම කණ්ඩායම් ලෙස හෝ දේශපාලන පක්ෂ සමග පැමිණිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇති බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.
ආණ්ඩුවට එක්වීමට පක්ෂ නායකත්වය අකමැතිනම් තනිවම ආණ්ඩුවට එක්විය හැකි බවද ජනාධිපතිවරයා විසින් මන්ත්‍රීවරුන්ට දැනුම්දී ඇති බවද එම පුවත්පත වාර්තා කරයි.
එහෙත් දැනට පාර්ලිමේන්තුවේ තමන්ට බහුතරයක් නැති බැවින් විපක්ෂයේ මන්ත්‍රීවරුන් ආණ්ඩුවට එක්කර ගැනීමට හදිසි නොවන බවද ජනාධිපතිවරයා දන්වා ඇති බවද එහි සදහන් වේ.
සහාය දැක්වීමට මන්ත්‍රීවරුන් කැමැතිනම් ඔවුන් එය කළ යුත්තේ ස්වෙච්ඡාවෙන් මිස දේශපාලන බලපෑම හෝ ප්‍රතිලාභ අපේක්ෂාවෙන් නොවන බවද ජනාධිපතිවරයා සදහන් කල බවද එම පුවත්පත වාර්තා කරයි.