ජනාධිපතිවරයා මේ සතිය තුළ සාකච්ඡාවක් ලබා නොදෙන්නේ නම් ඉදිරි සතිය තුළ යළිත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව සදහන් කරයි.
එම උපයනවිට බද්ද සම්බන්ධයෙන් තාවකාලික විසඳුමක් ලබාගැනීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුවට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවක් ලබාදීමට ජනාධිපති ලේකම්වරයා පසුගිය සතියේ එකඟවී තිබුණේය.
එහෙත් එම අවස්ථාව ලබානොදීම ගැන ඉදිරියේදී ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කරගැනීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව (24) විශේෂ සාකච්ඡාවක් පැවැත්විය.
එහිදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ සඳහන් කළේ,
“අපිට සිද්ධවෙනවා එළඹෙන සතියේදී ලක්ෂ ගණනක් වන වෘත්තිකයින් සමග පාරට එන්න. අවසානයේ රටම අඩපණ කරන තත්ත්වයට යන්න වෙනවා.”