රුසියාව විසින් යුක්‍රේන ජනපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි උපන් ගම වන ක්‍රිවි රිහ් නගරයේ සාමාන්‍ය ජනතාව රැඳී සිටි ගොඩනැගිල්ලකට මිසයිල ප්‍රහාර එල්ල කර ඇත.
එම මිසයිල ප්‍රහාරවලින් පුද්ගලයින් 9 දෙනෙකු මියගොස් තවත් 29 දෙනෙකු තුවාල ලබා ඇති අතර මියගිය පුද්ගලයින්ගේ ඥාතීන් වෙත ජනාධිපති සෙලෙන්ස්කි සිය ශෝකය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.