ලංකාව ගැන ලෝක බැංකුවෙන් දැනුම්දීමක්.!

ක්‍රියාත්මක කරණු ලබන ප්‍රතිස්ංස්කරණ ඇතුලු සියලු කාරණා සාර්ථකවීමට නම් විනිවිදභාවයකින් යුතුව එය සිදුකළ යුතු බව දකුණු ආසියාව පිළිබඳ ලෝක බැංකුවේ උප සභාපති මාර්ටින් රේසර් සදහන් කර ඇත.

ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ රැස්වීම් අතර මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සහ මාර්ටින් රේසර් අතර හමුවක් සිදුව ඇති අතර පුනර්ජනීය බලශක්තිය සහ ඩිජිටල් ආර්ථිකය පිළිබඳව මෙන්ම අපනයන මුල් කරගත් කුඩා හා මධ්‍ය පරිමාන ව්‍යාපාර පිළිබඳවද සාකච්ඡා කළ බවද මාර්ටින් රේසර් සදහන් කරයි.

ශ්‍රී ලංකාව ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය පිළිබඳව සතුටට පත්වන බවත් මෙරට යථාතත්ත්වයට පත්කිරීම සඳහා ලෝක බැංකුව අදහස් සහ මූල්‍ය සහය ලබාදෙන බවද මාර්ටින් රේසර් ටිවිටර් පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කරයි.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close