“ජනතාව රවටන සහ බොරු පොරොන්දු දෙන කණ්ඩායම් ඉන්නවා.. කල්පනාවෙන් වැඩ කරන්න”

රටේ මහජනතාවට රවටන කණ්ඩායම් සහ බොරු පොරොන්දු දෙන කණ්ඩායම් සිටින බවත් මහජනතාව ඔවුන් හඳුනාගත යුතුව තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන සදහන් කරයි.

මන්ත්‍රී වජිර අබේවර්ධන තවදුරටත් සදහන් කළේ,

“අප කල්පනාවෙන් වැඩකළ යුතුව තිබෙනවා. යම් අයෙක් මෙවර රට වරදක් සඳහා තල්ලු කළහොත් අප ඒ අය කවුද කියා හඳුනාගත යුතුව තිබෙනවා. උදාහරණයක් ලෙස බොරු කියන අයගේ ලේඛනයක් ගමේ ප්‍රදර්ශනය කළ යුතුව තිබෙනවා.

මහජනතාවට රවටන කණ්ඩායම්, බොරු පොරොන්දු දෙන කණ්ඩායම් මහජනතාව හඳුනාගත යුතුව තිබෙනවා. මෙවර අප අතින් යළි වරදක් වුවහොත් ඒ වරද ආපසු හැරවිය නොහැකි බරපතල වරදක් බවට පත්වෙනවා. ඒ නිසා අප දැන් බොහොම කල්පනාවෙන් වැඩ කළ යුතුව තිබෙනවා.

එසේ නම් රටට පාලකයන් පත්කරගන්නා විට ශ්‍රී ලාංකික මහජනතාව සිතිය යුතු එක් කරුණක් තිබෙනවා. ඊළග ජනාධිපති ධූරය සඳහා රනිල් වික්‍රමසිංහ හැර වෙන කවුරුහරි සුදුස්සෙක් සිටිනවා නම් ඔහු සුදුසු වන්නේ කෙසේ ද යන බව ඔබ විසින් තීරණය කළ යුතුයි.

ඒ නිසා මේ මෙහොතේ මහජනතාව වගකීමෙන් කටයුතු කළ යුතුව තිබෙනවා. මේ වන විට ඇතැම් පාර්ශ්ව වැඩවර්ජනය කරනවා. මැතිවරණ ජයග්‍රහණය කිරීමට ඔවුන් අපොහොසත් නිසා ඒ අය ජයග්‍රහණය සඳහා රට අස්ථාවර කිරීමට සූදානම් වනවා.”

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මන්ත්‍රී වජිර අබේවර්ධන මේ බව සදහන් කරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close