පවුලක් සහ ගමේ පිරිසක් අතර (13) වාරියපොල රඹුකන ප්රදේශයේ ඇතිවූ ගැටුමකදී අවුරුදු 28 ක තරුණයකු කපා කොටා ඝාතනය කර ඇති බව වාරියපොල පොලිසිය සදහන් කරයි.
එම දෙපිරිස අතර ඇතිවු ගැටුමේදී එම පවුලේම තිදෙනකු ඇතුළු තවත් පිරිසක් තුවාල ලබා නිකවැරටිය මූලික රෝහලට ඇතුලත් කර ඇති බවද පොලීසිය සදහන් කරයි.
එම ගැටුමෙන් මියගිය පුද්ගලයාගේ බාල සොහොයුරාද බරපතළ තුවාල ලබා රෝහලේ ප්රතිකාර ලබන බවද පොලිසිය තවදුරටත් සදහන් කරයි.