රාජ්‍ය බැංකු සහ රාජ්‍ය ව්‍යාපාර කුණු කොල්ලයට පෞද්ගලික අංශයට දෙන්න සුදානම්.!

රජයට අයිති බැංකු ආයතන, රාජ්‍ය ව්‍යාපාර සියල්ලම පාහේ කුණු කොල්ලයට පෞද්ගලික අංශයට ලබාදීමේ පිඹුරුපත් මේ වෙනකොට සකස් කරමින් සිටින බව පර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත යාපා බණ්ඩාර මාධ්‍ය සාකච්ඡාවේදී සදහන් කරයි.

ඔවුන් තවදුරටත් කරන්නේ පවතින වියදම් ක්‍රියාත්මක කරමින් බදු ක්‍රමය හරහා දරුණු විදියට රටේ ව්‍යාපාරික ප්‍රජාවත්, වෘත්තිකයින් ඇතුළු සමස්ත රජය තුල රටට අවශ්‍ය කරන නිලධාරීන් අකර්මණ්‍ය කරන මට්ටමකට පරිවර්තනය වෙලා තිබෙන බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රී වසන්ත යාපා බණ්ඩාර සදහන් කළේ,

“දැනටත් ඇත්ත වශයෙන්ම ඖෂධ හිගය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගය නිසා පිළිකා රෝහල් වගේ රෝහල් අඩපණ තත්වයක් ඉදිරියේදී ඇති වුනොත් අපි පුදුම විය යුතු නැහැ. රජයට අයිති බැංකු ආයතන, රජයට අයිති ලාභ ලබන රාජ්‍ය ව්‍යාපාර මේ සියල්ලම පාහේ කුණු කොල්ලයට පෞද්ගලික අංශයට ලබාදීමේ පිඹුරුපත් මේ වෙනකොට සකස් කරමින් ඉන්නවා.

ඒ වගේම තමයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි බදු ක්‍රමය හරහා පමණක් නෙවෙයි මේ මූල්‍ය අංශය තුලත් අපි දකිනවා දැවැන්ත විදියට මූල්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා කියන මතය ඉදිරියට දමමින් මේ රජයට අයිති බැංකු ආයතන, රජයට අයිති ලාභ ලබන රාජ්‍ය ව්‍යාපාර මේ සියල්ලම පාහේ කුණු කොල්ලයට පෞද්ගලික අංශයට ලබාදීමේ පිඹුරුපත් මේ වෙනකොට සකස් කරමින් ඒවා මහ දවල් එළියේ සාකච්ඡා කරන මට්ටමට පැමිණ තිබෙනවා.

එතකොට රජය විදියට මේ තමන්ගේ නාස්තිකාරී දැවැන්ත වියදම් ශීර්ෂයන් සීමා කර ගැනීම කරන්නේ නැතිව තවදුරටත් ඔවුන් මොකක්ද කරන්නේ මේ වියදම් තවදුරටත් ක්‍රියාත්මක කරමින් යන අතරවාරයේ දී බදු ක්‍රමය හරහා මේ දරුණු විදියට රටේ ව්‍යාපාරික ප්‍රජාවත් ඒ වගේම තමයි වෘත්තිකයින් ඇතුළු මේ සමස්ත රජය තුල රටට අවශ්‍ය කරන මේ නිලධාරීන් අකර්මණ්‍ය කරන මට්ටමකට පරිවර්තනය වෙලා තිබෙනවා.

අනිවාර්යයෙන්ම රටේ ජනාධිපතිවරයා රටේ මුදල් අමාත්‍යවරයා නිර්දේශ කරන අය පමණයි මේ විදියට මහ බැංකුවේ ඉහළ පාලන අධිකාරියට පැමිණෙන්නේ. මේ තුලින් මහ බැංකුව ස්වාධීන කිරීමේ ක්‍රියාවලිය තනිකරම මරා දමලා තියෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක් විදිය ඉදිරිපත් කරලා තියනවා කියලා මේ මහ බැංකුව ස්වාධීන කිරීමේ ක්‍රියාවලිය ගත්තොත් ආණ්ඩුව මොකද කරන්නේ ඒ මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරමින් ඔවුන් කරලා තිබෙන්නේ මුදල් අමාත්‍යවරයාට මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති වගේ ප්‍රභල පෙලේ නිලධාරීන් අමාත්‍යවරයාට නිර්දේශ කරන්න පුළුවන් මට්ටමට පනත ප්‍රතිශෝධනය කරන්න උත්සාහයක් දැරීමක් අපි දකිනවා.”

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close