රටේ පසුගිය අරගල කාලයේ ජනාධිපති මන්දිරයේ තිබී සොයා ගත් මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට අදාළව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේට (13) ඇප නියම කළේය.
ජනාධිපති කාර්යාලට ඇතුලු වූ පුද්ගලයින් 72 දෙනෙකුට එරෙහිව නඩුව පවරා ඇති අතර කොටුව පොලිස් ස්ථානය, අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, එම නඩුවේ 73 වැනි සැකකරු ලෙස නම් කර ඇත.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ දී එම අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී වසන්ත මුදලිගේට ඇප නියම කළේය.