ක්ලබ් වසන්ත ඝාතනයට 6ක් අත්අඩංගුවට.!

අතුරුගිරිය නගරයේ ටැටූ ව්‍යාපාරික ආයතනයක සිදු කල වෙඩි තැබීම සම්බන්ධයෙන් එහි හිමිකරු ඇතුළු හය දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයින් අතර එම වෙඩික්කරුවන්ට ප්‍රවාහන පහසුකම් සහ තොරතුරු ලබාදුන් පුද්ගලයින් ද වන බව පොලීසිය සදහන් කරයි.

ඊයේ උදෑසන සිදුකළ මෙම තැබීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඇතුළු දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වු අතර ජනප්‍රිය ගායන ශිල්පිනී කේ. සුජීවා සහ ක්ලබ් වසන්තගේ බිරිඳ මේ වනවිට රෝහලේ ප්‍රතිකාර ලබයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close