ටැටූ දුලාන් තවත් වමාරයි.. ඔත්තු බලන්න සහෝදරයා යොදවයි.!

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ටැටූ ආයතනයේ හිමිකරුවන දුලාන් සංජය නැමැත්තාගෙන් තවත් තොරතුරු රැසක් හෙළිකර කර ඇත.

ටැටූ ආයතනයේ හිමිකරුවන දුලාන් සංජය පොලිසියට සඳහන් කර ඇත්තේ තම සහෝදරයා එම ඝාතකයන් එනතුරු ගොඩනැගිල්ලේ ඉහළ සිට ඔත්තු බැලූ බවත් අනතුරුව සංඥාවක් නිකුත් කළ බවයි.

පොලීසිය විසින් සිදු කරන ප්‍රශ්න කිරීම් අනුව දුලාන් සංජය එම ඝාතන සැලසුමට සම්බන්ධ බවට තහවුරු වී ඇති අතර ටැටූ ආයතනයක් විවෘත කිරීමට හැකියාවක් නැතිව තිබියදී පාතාල සාමාජිකයකු විසින් රුපියල් ලක්ෂ 16ක් ලබාදී ආයතනය අරඹන්නට සහාය ලබාදී ඇත.

ක්ලබ් වසන්ත ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් වැඩි පිරිසක් බලපිටිය හා බෙලිඅත්ත ආශ්‍රිත ප්‍රදේශ අය බවට තොරතුරු සොයාගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් පොලීසිය තවදුරටත් විමර්ශන සිදුකරයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close