වසන්ත මුදලිගේට අධිකරණයෙන් වරෙන්තු.!

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ධනීෂ් අලී සහ උදයකුමාරන් විජේ යන තිදෙනාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (14) දින වරෙන්තු නිකුත් කර ඇත.

පසුගිය අරගල සමයේ පොලිස් මූලස්ථානය ඉදිරිපිට කළ විරෝධතාවකට අදාළ නඩුවකට ඔවුන් අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර ඇති අතර එම නඩුව යළි සලකා බැලීමට එළඹෙන නොවැම්බර් (17) වැනිදා දක්වා තැබීමට අධිකරණය නියෝග කර ඇත.

සමාජවාදී තරුණ සංගමයේ කැඳවුම්කරු එරංග ගුණසේකර, වෙනසක තාරුණ්‍ය සංවිධානයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර, අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි ඇතුළු 15 දෙනෙකු විත්තිකරුවන් කරමින් අදාළ නඩුව ගොනු කර ඇත.

Loading

 
 
 
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close