පොලිසිය ගැන ලැජ්ජයි.. මහේස්ත්‍රාත්වරයා අතුරුගිරියේදී පොලිස් ලොක්කන්ට දෙහි කපයි.!

ඊයේ උදෑසන අතුරුගිරියේ රූපලාවන් ස්ථානයක් වෘත්ත කිරීමට පැමිණිස වසන්ත සුරේන්ද්‍ර පෙරේරා ඇතුළු පිරිසට වෙසි තැබීමේ සිද්ධියේ ස්ථානීය පරීක්ෂණය සිදු කිරීම සඳහා කඩුවෙල වැඩබලන මහේස්ත්‍රාත් G.B කරුණාරත්න මහතා එම ස්ථානයට පැමිණි අවස්ථාවේදී පොලීසිය සම්බන්ධයෙන් සිය අප්‍රසාදය පල කළේය.

එම ස්ථානයට පැමිණ සිටි ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් අමතමින් මහේස්ත්‍රාත්වරයා පවසා සිටියේ,

“ඇත්තටම පොලිස් දෙපාර්තමේන්තුවටම ලැජ්ජයි මේ මහ දවල් ඇවිත් මේක චිකාගෝ වගේ, ඉක්මනටම හොයන්න ඕනෙ, මේක ඉතා භයානක තත්වයක්, ජනතාව කිසි කෙනෙක්ට ආරක්ෂාවක් නෑ, ආව තිබ්බා ගියා පොලීසියට කිලෝමීටරයක්වත් නෑ”

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close