වසන්ත ඝාතනයේ සුල මුල ටැටූ මල්ලි වමාරයි.. අපරාධයට හවුල් වූවන් රැසක් පොලිස් දැලේ.!

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 7දෙනාගෙන් පොලීසිය වැඩිදුරටත් ප්‍රශ්න කරමින් සිටිනා බව වාර්තා වේ.

ඝාතකයන් පළායෑමෙන් අනතුරුව මහ මඟ හැර දමා ගිය වාහනවල ලියාපදිංචි හිමිකරුවන් මුල් කරගනිමින් එම විමර්ශන ක්‍රියාත්මක බව සඳහන්.

පොලිස් අත්අඩංගුවේ පසුවන ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු වන දුලාන් සන්ජුල නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා තිබුණේ එම ව්‍යාපාරය ආරම්භ කිරීමට ලොකු පැටී නැමැති අපරාධකරු තමන්ට රුපියල් ලක්ෂ 16ක මුදලක් අවස්ථා කිහිපයකදී ලබාදුන් බවත් එම මුදල ලබාදීමෙන් පසු ලොකු පැටී නැමැත්තා, ටැටූ මධ්‍යස්ථානය විවෘත කිරීම සඳහා සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත නැමැත්තාට ආරාධනා කරන ලෙස දැනුම් දුන් බවත්ය,

කෙසේවෙතත් ටැටූ මධ්‍යස්ථානයේ හිමිකරු පොලීසියට පාපෝච්ඡාරණය කර ඇත්තේ තමා ඝාතන සැලසුමක් පිළිබඳ කිසිවක් දැන නොසිටි බවයි.

අත්අඩංගුවට පත් සැකකරුවන් අතර වෙඩි තැබීමට පැමිණි කාර් රථය අම්බලන්ගොඩ ප්‍රදේශයේ සිට අතුරුගිරිය ප්‍රදේශයට රැගෙන එන ලද පුද්ගලයන් දෙදෙනෙකු, අපරාධය සිදු කිරීමට පෙර කාර් රථය රඳවාගෙන සිටි පුද්ගලයකු සහ අපරාධය සිදු කිරීමෙන් පසු සැකකරුවන් පැන යාමට භාවිත කළ වෑන් රථය ඊට පෙර රඳවාගෙන සිටි පුද්ගලයකුද වෙයි.

අත්අඩංගුවට පත් සියලු සැකකරුවන් වයස අවුරුදු 24, 27, 28, 31 සහ 37 යන වයස්වල පසුවන බව පොලිස් මූලස්ථානය පවසයි.

Loading

Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close