කොළඹ දිස්ත්‍රික්ක ප්‍රදේශ රැසකට අනිද්දා (25) පෙරවරු 11.00 සිට රාත්‍රී 9.00 දක්වා පැය 10ක් ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි.
ඒ අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කඩුවෙල යන මහ නගර සභා, මහරගම, බොරලැස්ගමුව සහ කොළොන්නාව යන නගර සභා යන ප්‍රදේශ වලට ජල සැපයුම අත්හිටුවයි.
තවද කොටිකාවත්ත – මුල්ලේරියාව ප්‍රාදේශීය සභා යන බල ප්‍රදේශවලට, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශ වලටද ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය සදහන් කරයි.