දිවයින පුරා මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් ජනතාවට බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය දැනුම්දීමක් කරයි.
දරුවන් සහ වැඩිහිටියන්ද වැඩිපුර ජලය පානය කරන ලෙස බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේ පෝෂණ විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස ඉල්ලා සිටියි.
තවද පාසල් දරුවන් සහ තරුණ වයසේ දරුවන් වයස් සීමාව අනුව වතුර වීදුරු 4ත් 6ත් අතර ප්‍රමාණයක් පානය කළ යුතු බවද විශේෂඥ වෛද්‍ය රේණුකා ජයතිස්ස සදහන් කරයි.