මරදාන, එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිට නිදහස සත්‍යග්‍රහයේ නිරත පිරිසට පොලීසිය විසින් ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත.
අධික මුදලක් වැයකර 75 වැනි නිදහස් දිනය සැමරීමට විරෝධය පළ කරමින් (03) මෙම සත්‍යග්‍රහය ආරම්භ කළේය.
රාත්‍රියේ පොලිස් නිලධාරීන් පැමිණ දැනුම් දුන්නේ, මෙම ස්ථානයේ විරෝධතකා පැවැත්විමට එරෙහිව අධිකරණ නියෝගයක් නිකුත් කර ඇති බවයි.
එහෙත් එහි සිටි පිරිසගේ විරෝධය පළ වුණ අතර ඔවුන් දිගින් දිගටම ස්ථානයෙන් ඉවත් නොවි සත්‍යග්‍රහයේ නිරත වෙමින් සිට ඇත.