හෙට ප්‍රදේශ රැසකට ජලය සැපයීමට බාධා.. එම ප්‍රදේශ මෙන්න.!

හෙට (09) දිනයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට දහවල් 12.00 දක්වා අඩු පීඩනයක් යටතේ ජලය සැපයීමට සිදුව ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි.

ඒ කොළඹ 01, 02, 03, 04, 07, 08, 09, 10 සහ 11 යන ප්‍රදේශ සදහා අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති බවද ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි.

එම කාලය තුළ ඉහත ප්‍රදේශයන්හි උස් ප්‍රදේශ වල ජල සැපයුමටද බාධා ඇතිවිය හැකි බවද ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කරයි.

ජල සම්ප්‍රේෂණ බිඳ වැටීම හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති බවත් මේ හේතුවෙන් ජනතාවට සිදුවන අපහසුතාවට ජල සම්පාදන මණ්ඩලය විසින් කනගාටුව පළ කර ඇත.

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close