අද (18) දින සබරගමුව, බස්නාහිර සහ ඌව පළාත්වල, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ස්ථාන කිහිපයකම සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
තවද දකුණු පළාතේ උදෑසන කාලයේද වැසි ස්වල්පයක් ඇතිවන අතර, සෙසු ප්‍රදේශවල තරමක වැසි සහ වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
ඇතිවන ගිගුරුම් සහිත වැසි සමඟ අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවත් එම අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ජනතාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කරයි.