බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
පවතින මෙම තත්ත්වය මත ඉදිරි පැය 24 තුළ අදාළ මුහුදු ප්‍රදේශයට යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවික ප්‍රජාවට දැනුම් දීමක් කරයි.
එම මුහුදු ප්‍රදේශවල ධීවර කටයුතුවල නිරතව සිටින්නේ නම් වහාම ගොඩබිමට හෝ ආරක්ෂිත ස්ථානයකට පැමිණෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම නිවේදනයේ සඳහන් කරයි.
එළඹෙන 31 වන දින වනවිට නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වීමේ හැකියාව පවතින බවත් එය පෙබරවාරි මස පළමුවන දින නැගෙනහිර වෙරළ දෙසට ළගාවනු ඇති බවද සදහන් කරයි.