ඉදිරි පැය 24 ඉතාම අවදානම්.. විශේෂ නිවේදනයක් නිකුත් කරයි.!

රටේ ඉදිරි පැය 24 සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විශේෂ නිවේදනයක් නිකුත් කරයි.

ඒ ජනවාරි 31 සහ පෙබරවාරි 01 දෙදින දිවයිනේ තැනින් තැන මි.මී.150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැක තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

තවද තද සුළං සහ මුහුදු රළුවීම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.

ඉහත සඳහන් මුහුදු ප්‍රදේශ ඉතා රළු වන අතර තද වැසි හෝ ගිගුරුම් සහිත වැසිද ඇතිවිය හැකි බැවින්, මුහුදු ප්‍රදේශයට ඉදිරි පැය 24 තුළ යාත්‍රා නොකරන ලෙස ධීවර සහ නාවික ප්‍රජාවන්ට දැනුම්දෙයි.

Loading

guest

0 Comments
Inline Feedbacks
View all comments
Hot list⚡
Close
Trend🔥
Close
Highlights
Close