අද (09) දින උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත්, මාතලේ දිස්ත්‍රික්කයේත් වැසිවාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද දෙපාර්තමේන්තුව සදහන් කරයි.
සබරගමුව පළාතෙත්, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
මෙම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට කටයුතු කරන ලෙස ජනතාවට දැනුම්දෙයි.