අද (08) දිනයේ උතුරු, උතුරුමැද, නැගෙනහිර, ඌව සහ වයඹ පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත්, තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරයි.
තවද සබරගමුව පළාතේ, කළුතර සහ ගාල්ල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 50ට වැඩි තරමක තද වැසි ඇතිවන බව දෙපාර්තමේන්තුව සදහන් කරයි.
තද වැසි සමග තද සුළං ඇතිවී එමගින් අනතුරු සිදුවිය හැකි බැවින් ඒ සම්බන්ධයෙන් දැඩි අවදානයෙන් සිටින ලෙස ජනතාවට දැනුම් දෙයි.