මුළු රටටම පේන්න ජනාධිපතිවරුන් වත්කම් ප්‍රසිද්ධ කරන්න.!

රට වෙනස් කරන්න වත්මන් ජනාධිපතිවරයාගෙන් සහ හිටපු ජනාධිපතිවරුන්ගේ සියලුම වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කර මුළු රටටම ආදර්ශයක් දෙන්නැයි ඉල්ලීමක් කරන බව අද (26) මන්ත්‍රී එරාන් වික්‍රමරත්න පාර්ලිමේන්තුවේදී සදහන් කරයි.

රටේ වත්මන් ජනාධිපතිවරයා සහ හිටපු ජනාධිපතිවරුන් එසේ කටයුතු කරන විට මැති ඇමැතිවරුන්ට සහ නිලධාරීන්ට එය එසේ කටයුතු කිරීම මගහැර නොහැකි වනු ඇති බවද එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා සදහන් කරයි.

රටක දුෂණය නැති කර ඉල්ලපු සිස්ටම් චේන්ජ් එක සිදු කිරීමටත් වත්කම් බැරකම් ප්‍රසිද්ධ කිරීම වැදගත් බවද එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත ඉදිරිපත් කරමින් සදහන් කරයි.

එරාන් වික්‍රමරත්න මන්ත්‍රීවරයා තවදුරටත් සදහන් කළේ,

“රටක් වෙනස් වන්නේ නීති සම්පාදනයෙන් පමණක් නොවෙයි. ආදර්ශයත් වැදගත්. වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කරන්න කියලා වත්මන් ජනාධිපතිතුමා ගෙන් හිටපු ජනාධිපතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා.

හිටපු ජනාධිපතිවරුන් දෙන්නකු මේ සභාවේ ඉන්නවා. එතකොට ඇමතිවරුන්ට නිලධාරීන්ට මන්ත්‍රීවරුන්ට ආදර්ශයෙන්ම ඒක කරන්න වේවි. රටක් වෙනස් වන්නේ එහෙමයි. දූෂණය නැති කරන්න බෑ. අවම කරන්න පුළුවන්.”

Loading

Tell me 💬
Notify of
guest

0 Comments
Inline Feedbacks
View all comments
Highlights
Close
Hot list⚡
Close
Trend🔥
Close