ජල බිල්පත් ලබාදීම සහ ගෙවීම සිදුකිරීමට නව වැඩපිළිවෙලක් හඳුන්වා දීමට ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පියවර ගෙන ඇත.
එළඹෙන 17 වන අගහරුවාදා දින යාපනය දිස්ත්රික්කයෙන් මෙම වැඩසටහන ආරම්භ කරන බව ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සාමානාධිකාරී පියල් පද්මනාත සඳහන් කරයි.
යන්ත්රයක් මගින් මාසික බිල්පත පාරිභෝගිකයින්ට ලබාදී බැංකු කාඩ්පත් මගින් එම බිල්පත ගෙවීමට අවස්ථාව සලසාදීම මෙමගින් සිදුවන බව පියල් පද්මනාත සඳහන් කරයි.
ආරම්භ කෙරෙන මෙම නව වැඩසටහන ඉදිරියේදී දිවයින පුරා ක්රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද සාමානාධිකාරී පියල් පද්මනාත තවදුරටත් සඳහන් කරයි.