ඉදිරි පැය 36 සදහා නවතම කාලගුණ අනාවැකිය.!

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සම්බන්ධයෙන් නවතම කාලගුණ නිවේදනයක් නිකුත් කර ඇත.

ඒ අනුව පෙර-මෝසම් කාලගුණික තත්ත්වයේ බලපෑම හේතුවෙන් තද වැසි සහ සුළං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවත් දිවයින හරහා විටින් විට පැකිමී 30-40 ක පමණ තරමක තද සුළං ඇති විය හැකි බවද සදහන් කරයි.

තවද බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සදහන් කරයි.

ගිගුරුම් සහිත තද වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම්දීමක් කරයි.

Loading

මේ ගැන ඔයාගෙ අදහස...

Advertisement